Welcome to Autoguide.lk.
ශ්‍රී ලාංකීය වෙළඳපොලේ පවතින මෝටර් රථ පිලිබඳ තාක්ෂණික තොරතුරු ලබා ගැනීමේ අවස්ථාව AUTOGUIDE.LK වෙතින් ඔබට ලබා දී ඇත.
ලාංකීය වෙළඳපොල තුල ආනයන තත්වය මත වාහන වර්ග දෙකක් හඳුනා ගත හැකි අතර එම වර්ග දෙක වන්නේ,
නිල නියෝජියා මගින් ආනයනය කරන ලද මෝටර් රථ – (Official Dealer Import Vehicles)
සාමාන්‍ය වෙළදුන් විසින් ආනයන කරන ලද මෝටර් රථ – (Non Official Dealer Import Vehicles -Gray Market Vehicles)
මෙම වර්ග දෙක අතරින් නිල නියෝජිතයා මගින් ආනයනය කරන ලද මෝටර් රථ සඳහා වන සම්මත තාක්ෂණික තොරතුරු එම මෝටර් රථ නිෂ්පාදකයා විසින් ශ්‍රී ලංකාව වෙත ලබා දී ඇති අතර එම තොරතුරු ශ්‍රී ලංකාවේ නිල නියෝජිතයා සතු වන අතර අවශ්‍ය විටදී ගැනුම්කරුවන් වෙත ලබා දේ.
සාමාන්‍ය වෙළඳුන් විසින් ආනයනය කරන මෝටර් රථ සඳහා වන සම්මත සහ නිවැරදි තාක්ෂණික තොරතුරු ලබා ගැනීමේ ගැටළුවක් සෑම විටම පවතින අතර ඒම හේතුව නිසාම මෝටර් රථ මිලදී ගත් හිමිකරුවන් සහ සේවා සැපයුම් කරුවන් මෝටර් රථ නඩත්තු (Maintenance) කටයුතු වලදී මෙන්ම අලුත්වැඩියා (Repair) කටයුතු වලදී විවිධ අපහසුතාවයන්ට පත් වේ.
ඉහත ගැටළු වලට පිළිතුරු ඔබට AUTOGUIDE.LK වෙතින් ලබා ගත හැක. මෙම වෙබ් අඩවියේ අන්තර්ගත තොරතුරු අදාළ මෝටර් රථ වර්ගය සහ මාදිලියට අදාලව නිෂ්පාදකයාගේ සම්මත හෝ එසේ ලබා ගත නොහැකි වීමේ පදනම මත අපගේ තාක්ෂණික එකමුතුව මගින් තහවුරු කරන ලද තොරතුරු වේ.