අද අපගෙ සාකච්ඡාව අද කාලයට වඩාත් වැදගත් කරුණක් වන මොටර් රථ තාක්ෂණය සම්භන්දව ලංකාවේ ලබා ගත හැකි අධ්‍යාපනය සම්භන්දයෙන්..
ඔබ මෝටර් රථ තාක්ෂණය සම්භන්දයෙන් ඉගෙනීමට බාලාපොරොත්තු වනවා නම් අද අප සාකච්චා කරන කරුණු ඔබට අතිශයින්ම වැදගත් වෙතැයි අප විශ්වාස කරනවා.විශේෂයෙන්ම ඩිප්ලෝමා හෝ උපාදි මට්ට්ටමට ඉගෙනීමට බලාපොරොත්තු වනවා නම් පහත දැක්වෙන කරුණු ඔබට අතිශයින්ම වැදගත් කරුණු බවට සඳහන් කල හැකියි.
මෙම සාකච්චාවට පදනම වන්නේ අප වෙතින් බොහොමයක් දෙනා විමසන ලද ප්‍රශ්න සහ එවාට අප ලබා දෙනු පිළිතුරුයි.
මෙම සියලුම පිළිතුරු සහ මෙහි අන්තර්ගත වූ තොරතුරු 16/2/2022 දිනට යාවත්කාලීන වු තොරතුරු වන අතර අප වෙබ් අඩවිය මොටර් රථ ක්ශේත්‍රයේ පිළිගත් විද්වතුන් නියොජනය කරන වෙබ් අඩවියක් වනවා.
එසේ නම් අප වෙතට විවිධ අවස්ථා වල යොමු කරනු ලැබූ ප්‍රශ්න කිහිපයක් ඔබ වෙත ගෙන ඒමට අප දැන් සූදානම් වනවා.
- ශ්‍රි ලංකාව තුල මෝටර් රථ ක්ශේත්‍රයේ ලබා ගත හැකි උපරිම සුදුසුකම කුමක්ද?
කෙටියෙන්ම පවසනවා නම් උපාදිය දක්වා හැදෑරිය හැකියි. එසේ වුවත් මෙහිදි සදහන් කලයුතුම විශේෂ කරුණ වන්නේ ඔබ ඉගෙනුම ලැබූ උපාදි මට්ටමට සරිලන හෝ ගැලපෙන රැකියාවක් උපාදිය අවසානයේ ලාංකීය වෙළඳපොලේ ඍජුවම ලබා ගැනීමට හැකියාවක් නොමැති බව. එසේ ලබා දීමට ප්‍රමුඛ පෙළේ සමාගම් වුවත් පසුබට වන බවක් දක්නට තිබෙනවා.
එමෙන්ම විදේශීය වෙළඳපොළ තුලත් උපාදි මට්ටමට සරිලන රැකියාවක් ලබා ගැනීමට අති හැකියාව ඉතාම සිමිත බවද මතක් කලයුතු වනවා.
- එසේ උපාදි මට්ටමට ඇති රැකියා සිමිත වන්නේ අයි?
ඇත්තෙම්ම, ඔබ මොටර් රථ ක්ශේත්‍රයේ උපාදි මට්ටමට හැදෑරුවත් ඔබට මෙම ක්ශේත්‍රයේ රකියා බොහොමයක් සදහා මුලිකව අවුරුදු තුනක වත් කාර්මික පාඨමාලාවක් හදාරා තිබිය යුතු වනවා. බොහො දෙනාට සිදු වන්නේ නිසි ආකාරව කාර්මික පාඨමාලාවක් නොමතිව කෙටි ක්‍රම ඔස්සේ උපාදිය හදාරා අවසානයේ රැකියාවක් සොයා ගැනීමට අපහසු තත්වයකට පත් වීමයි. මේ හේතුව නිසාම අප මෙම ක්ශේත්‍රය තුල අධාපනය ලබාගත හැකි නිවැරදි ක්‍රම මොනවාද යන්න සොයා බැලිය යුතුයි.
- ඔබ පවසන්නේ ලංකාව තුල හො විදේශීයව මෝටර් රථ තාක්ෂණික උපාදියක් ලබා ගැනීම ඵල රහිත බවද?
ඔවු. එක මේ ආකාරයට පැහැදිලි කරන්නම්. ඔබට උපාදියක් ලබා ගැනීමට අවශයම නම් පමණක් අවු 3 ක් පමණ වන පූර්ණ කාළීන පිළිගත් මෝටර් රථ කාර්මික පාඨමාලාවක් හදාරා ඊට පසු උපාදිය දක්වා ඉගෙනීමට යොමු වන්න. එසේ නොමැති වුවහොත් ඔබට සිදු වන්නේ උපාදිය අවසානයේ රැකියා සම්මුඛ පරීක්ෂණ වලදී අවශ්‍ය ප්‍රයෝගික කුසලතාවය හෝ අත්දැකීම් ප්‍රමාණවත් නොවන නිසා ඔබ නුසුදුසු තත්වයකට පත්වීමයි.
- හොදයි. එසේ නම් ලංකාව තුල නිසි අයුරින් මොටර් රථ තාක්ෂණය පිළිබඳව අධ්‍යාපනය ලබා ගත හැකි ක්‍රම මොනවාද?
හොදයි. එක මම මේ විදිහට පැහැදිළි කරන්නම්. පළමුවෙන්ම තිබෙන හොදම ක්‍රම මොනවාද යන්න පැහැදිළි කර දක්වන්නම්.
පහතින් දැක්වෙන්නේ ඔබට තෝරාගත හොදම හැකි ක්‍රම යි.
- රජයේ කාර්මික විද්යාල හෝ කාර්මික ආයතන මගින් පවත්වන අවුරුදු 3 පාඨමාලාව මගින් NVQ 4 – ඩිප්ලොමා මට්ටම (NVQ 5) – උසස් ඩිප්ලොමාව (NVQ 5) – උපාදිය (NVQ 7)
- රජයේ කාර්මික විද්යාල හෝ කාර්මික ආයතන මගින් පවත්වන අවුරුදු 2 පාඨමාලාව මගින් NVQ 4 – ඩිප්ලොමා මට්ටම (NVQ 5) – උසස් ඩිප්ලොමාව (NVQ 5) – උපාදිය (NVQ 7)
- රජයේ කාර්මික විද්යාල හෝ කාර්මික ආයතන මගින් පවත්වන අවුරුදු 5 පාඨමාලාව මගින් NVQ 4 – ඩිප්ලොමා මට්ටම (NVQ 5) – උසස් ඩිප්ලොමාව (NVQ 5) – උපාදිය (NVQ 7)
- රජයේ කාර්මික විද්යාල හෝ කාර්මික ආයතන මගින් පවත්වන අර්ධ කාලීන පාඨමාලාව – RPL මගින් NVQ 4 ලබා ගැනීම – ඩිප්ලොමා මට්ටම (NVQ 5) – උසස් ඩිප්ලොමාව (NVQ 5) – උපාදිය (NVQ 7)
ඔබ තෝරාගත නොගත යුතු ක්‍රම ගැනත් විශේෂයෙන් මතක කලයුතු වනවා. ඒවා නම්
- උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාව මගින් NVQ 3 – ඩිප්ලොමා මට්ටම (NVQ 5) – උසස් ඩිප්ලොමාව (NVQ 5) – උපාදිය (NVQ 7)
- පුද්ගලික ආයතන මගින් IVQ ලබාගැනීම – විදේශ විශ්ව විද්යාල අනුබද්ධ ආයතන තුලින් උපාදිය ලබා ගැනීම.
- ඔබ මෙහිදී සඳහන් කරන තෝරා නොගත යුතු ක්‍රම පිළිබඳව වැඩි දුර පැහැදලි කිරීමක් කල හැකිද?
ඔවු. මෙහිදී මා මුලින් දක්වා ඇති ක්‍රමය මෑතකදී කරලියට පැමිණි ක්‍රමයක්. එනම් යුනිවර් සිටි කොලේජ් නමින් තාක්ෂණික ආයතන කිහිපයක් ලංකාව තුල රජය මගින් ආරම්භ කිරීමත් සමගයි. අපොස. උසස් පෙළ තාක්ෂණික ධාරාවෙන් ඉගෙනුම ලබන සිසුන් NVQ 3 මට්ටම ලබා ගෙන ඇතැයි සලකා ඔවුන් මෙම යුනිවර් සිටි කොලේජ් වලට බඳවා ගෙන ඔවුන්ට NVQ 5 මට්ටම ලබා දීම මෙමගින් සිදු කරනු ලබනවා. කෙසේ වෙතත් මෙම ක්‍රමය අනෙක් රැකියාවන්ට කෙසේ වුවත් මෝටර් රථ රැකියා වෙළඳපොළට නම් කිසිසේත් ගැලපී නැහැ. මේ දිනවලත් බොහෝ සිසු දරුවන් පිරිසක් මෙම ක්‍රමය ඔස්සේ NVQ 5/6 ලබාගෙන දැන් රැකියා සඳහා ඉල්ලීම් කරනු ලබනවා. කෙසේ වෙතත් නිසි ආකාර පුහුණුවක් ලබා නොමැති ඔවුන්ට ලංකාව තුල රැකියාවක් සොයා ගැනීමට අපහසු වී තිබෙනවා. බොහොමයක් මෝටර් රථ අලුත්වැඩියා සමාගම්/ආයතන ඔවුන්ට යෝජනා කරනු ලබන්නේ අවුරුදු දෙකක් වත් ප්‍රයෝගික පුහුණුවක් ලබාගෙන පැමිණෙන ලෙසයි. නිසි ආකාර ප්‍රයෝගික පුහුණුවක් ලබා ගෙන නොමැති නිසාම ඔවුන්ට විදේශීය වෙළඳපොල තුලත් ඉඩ ප්‍රස්ථාවක් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා. මෙම ක්‍රමය මගින් එම අධ්‍යපනය ලැබූ සිසු දරුවන් අතරමං වී ඇති බවක් ක්ශේත්‍රය තුල සිටින අපට දැක ගැනීමට හැකි වී තිබෙනවා.
එමෙන්ම උසස් පෙළ ප්‍රතිඵල මත NVQ 5/6 පාඨමාලාව අවසානයේ එම සිසු දරුවන් අපගේ මෝටර් රථ අලුත්වැඩියා සමාගම් සහ ආයතන වල “සේවා උපදේශක /වැඩ මූලික/ වැඩ පරීක්ෂක/මෝටර් රථ ඉංජිනේරු වැනි රැකියා සඳහා ඉල්ලුම් කිරීමම අපගේ ක්ශේත්‍රය තුල විහිළුව දනවන කාරණයක් බවට දැන් පත්ව තිබෙනවා. නිසි ආකාර පුහුණුවකින් පසු ඉහත දැක්වූ තනතුරු සදහා බඳවා ගැනීම පමණයි අපගේ ක්ශේත්‍රය තුල සිදු වන්නේ. එවැනි රැකියා සඳහා අවුරුද්දකට වැඩි විධිමත් ප්‍රයෝගික පුහුණුවක් ලබා තිබීම අතවශ්‍ය වනවා. උසස් පෙලින් පසු හදාරන සිසුන්ට සිදු වන්නේ එම පාඨමාලාව අවසානයේ නැවතත් අවුරුද්දකට වැඩි පුහුණුවක් සඳහා යොමු වීමට. කෙසේ වුවත් පිළිගත් මෝටර් රථ සමාගම් එම පුහුණුව ලබා දීම සඳහා පසු බට වන්නේ ඒ වන විට ඔවුන්ගේ වයස අවු 24 හෝ 25 ඉක්මවා තිබීම. එමෙන්ම නැවතත් සිසුන්ගේ පුහුණු ආයතන තුලින් ප්‍රයෝගික පුහුණුව සඳහා ඉල්ලීම සිදු කරමින් ලිපි නිකුත් නොකිරීම නිසා පිළිගත් මෝටර් රථ අලුත්වැඩියා ආයතන එවැනි සිසුන්ට පුහුණුවට ඉඩ සලසන්නෙත් නැහැ.
මීට අමතරව දෙවනියට සඳහන් කල තොර නොගත යුතු ක්‍රමයක් වන පුද්ගලික ආයතන මගින් පාඨමාලා සිදු කිරීමද හඳුන්වා දිය හැකියි.මේ වන විට පුද්ගලික ආයතන කිහිපයක් මගින්ද මෝටර් රථ ඉංජිනේරු (Automobile Engeenering) පාඨමාලා නමින් පාඨමාලා පවත්වනවා. කෙසේ වුවත් අපට ඔවුන්ගේ පාඨමාලා තුල ප්‍රායෝගික කුසලතාවය ලබා දීමට වැඩි ඉඩක් වෙන් නොකර සිටීම නිසාම ලංකාව තුල හෝ විදේශ රැකියා වෙළඳපොල තුල ඔවුන්ටද වැඩි ඉඩක් හිමි වන්නේ නැහැ.
- හොදයි එසේ නම් ලංකාව තුල හෝ විදේශයකදී රැකියා වෙළඳපොළට ගැලපෙන ලෙස පාඨමාලාවක් හෝ උපාදි මට්ටම දක්වා අධ්‍යාපනය ලැබීමේදී කල යුත්තේ කුමක්ද?
හොදයි. සරලවම පිළිතුරක් ලබා දෙනවා නම් ඔබ මෝටර් රථ අලුත්වැඩියා වෙළඳපොල තුල දේශීයව හෝ විදේශීයව කුමන හෝ රැකියාවක් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා නම් ඔබ අවුරුදු දෙකක් වත් එක දිගට ප්‍රයෝගික පුහුණුවක් ලබා තිබිය යුතුමයි. ඔබේ උපාදි පාඨමාලාව හෝ ඩිප්ලෝමා පාඨමාලාව තුල කුමන හෝ කාලයක එක දිගට මෙම පුහුණුව ලබා තිබිය යුතුයි. එමෙන්ම එම පුහුණුව පිළිගත් මෝටර් රථ ආයතනයක නම් ඔබේ රැකියා ගමන් මග ඉතා දීප්තිමත් වනවාට කිසිම සැකයක් නැහැ.